Tuesday, May 7, 2024

General line - 0115112241

බන්ධනාගාර ගැටුමෙන් මියගිය 07 දෙනෙකු හඳුනාගැනේ




මහර බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවූවන් 11 දෙනාගෙන් 07 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ දැනට හඳුනාගෙන ඇති මියගිය පුද්ගලයින් 07 දෙනා ජාඇළ, හුණුපිටිය, අඟුරුවාතොට, වැලිවේරිය, එඬේරමුල්ල සහ මිනුවන්ගොඩ යන ප‍්‍රදේශවල පදිංචිව සිට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් බවයි. 

මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජේ සී අලවතුවල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප‍්‍රශ්න කළ අතර අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.