Wednesday, May 15, 2024

General line - 0115112241

දෛනික PCR පරීක්ෂණ 20,000 දක්වා වැඩි කිරීමට සැලසුමක්




දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව විසිදහසක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව තවත් රජයේ රෝහල් කිහිපයක පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. 

මේ අතර, ඊයේ දිනයේදී පමණක් පී සී ආර් පරීක්ෂණ 14,125 ක් මෙරටදී සිදු කර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළා. ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 649 ක්. ඒ අතරින් 295 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 87 දෙනෙකු සහ කළුතර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ වාර්තා වී තිබෙනවා.