Wednesday, May 15, 2024

General line - 0115112241

මහර බන්ධනාගාර ගැටුමේ අතුරු වාර්තාව අධිකරණ ඇමතිවරයාට භාර දෙයි




මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරනු ලැබූ පංච පුද්ගල කමිටුවේ සිය විමර්ශන වලට අදාළ අතුරු වාර්තාව අධිකරණය අමාත්‍ය අලී සබ්රි හට අද දිනයේදී භාර දෙනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් මසක කාලයක් තුලදී ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ එම ගැටුම්කාරී තත්ත්වයෙන් රැඳවියන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 108 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

මෙම පංච පුද්ගල කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන වන අතර සෙසු සාමාජිකයින් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රොහානා හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ගාමිණි ජයසිංහ කටයුතු කරනු ලබනවා.

කෙසේ වුවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම පංච පුද්ගල කමිටුවෙන් ඉල්ලා අස්වූවා. ඒ තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන බැවින් මෙම අවස්ථාවේදී එම කමිටුවේ සාමාජිකත්වය දැරීම සුදුසු නොවන බවට දැනුම් දෙමින්.