Thursday, May 16, 2024

General line - 0115112241

හිටපු CID අධ්‍යක්ෂක ශානි අබේසේකරට ඇප දීමට අදාළ තීන්දුව අනිද්දාට කල් යයි

ටෝනි කරුණානායක - ගම්පහ අධිකරණ




අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 වෙනිදාට ලබා දීමට ගම්පහ මහාධිකරණය අද (07) තීන්දු කරනු ලැබුවා.

ගම්පහ මහාධිකරණය මගින් ඊට අදාළ 
තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා තිබු හෙයින් එම තීන්දුව ලබන 09 වෙනිදාට කල් තබනු ලැබුවා.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා පැමිනිල්ල වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටියා.