Tuesday, May 14, 2024

General line - 0115112241

ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය




මෙරට ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ විධිමත් නිර්ණායක යටතේ ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

මේ අතර, අපනයන වෙළඳපොළ සඳහා අර්ධ වානේ සහ සම්පූර්ණ වානේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියකට ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කරුණු දැක්වූවා.