Saturday, May 18, 2024

General line - 0115112241

යළි ජනපති වීමේ ට‍්‍රම්ප්ගේ අවසන් සිහිනයත් බිඳවැටේ




ඉකුත් ජනාධිපතිවරණයේදී ප‍්‍රකාශයට පත් වූ ප‍්‍රාන්ත 04 ක ඡන්ද ප‍්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ට‍්‍රම්ප් පාර්ශවය ගොනු කළ තවත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා. නඩුව ඉදිරිපත් වී තිබුණේ ටෙක්සාස් ප‍්‍රාන්තයෙන්. ජෝර්ජියා, මිචිගන්, පෙන්සිල්වේනියා හා විස්කොන්සින් යන ප‍්‍රාන්තවල ඡන්ද ප‍්‍රථිපළ අවලංගු කරන ලෙස ට‍්‍රම්ප් පාර්ශවය එමගින් ඉල්ලා තිබුණා.

එම ප‍්‍රාන්ත 04 න්ම ජය ලැබුවේ ජෝ බයිඞ්න්. අදාළ ප‍්‍රාන්ත 04 හි ඡන්ද ප‍්‍රථිපල අවලංගු කරන ලෙස ඉල්ලීමක් කිරීමට ටෙක්සාස් ප‍්‍රාන්තයට නීතිමය හැකියාවක් නොමැති බවයි නඩුව ඉවත දමමින් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ. කෙසේවෙතත්, එම නඩුව සඳහා ප‍්‍රාන්ත 18 ක නීතිපතිවරුන් සහ කොංග‍්‍රසය නියෝජනය කරන රිපබිලිකන් පාක්ෂිකයින් 106 දෙනෙකු සහය ලබාදී තිබුණා. 

ඉකුත් දා පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයේදී වාර්තා ගත ඡන්ද ප‍්‍රමාණයක්ද සමගින් ජෝ බයිඞ්න් ජය ලැබුවේ ඡන්ද කොට්ඨාශ 306 ක බලය තමන් සතු කර ගනිමින්. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට හිමිවූයේ ඡන්ද කොට්ඨාශ 232 ක් පමණයි. ඒ අනුව එළෙඹන ජනවාරි මස 20 වනදා ජෝ බයිඞ්න් අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති.