Sunday, May 19, 2024

General line - 0115112241

දඹුල්ල සහ අම්බලන්තොට ග්‍රාම සේවක නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා 

කාංචන කුමාර ආරියදාස / රාහුල් සමන්ත




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී සිදු කළ පී සී ආර් පරීක්ෂණවලදී තවත් පුද්ගලයන් සිව්දෙනෙකු නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව දඹුල්ල නගරාධිපති ජාලිය  ඕපාත පවසනවා. එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 3 ක සේවකයන් තිදෙනෙක් සහ දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත දඔුලූගම ග‍්‍රාම සේවා වසමේ ග‍්‍රාම නිලධාරිවරයායි. 

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල පසුගිය දින කිහිපයේ සිදුකරන ලද පරීක්ෂණ අනුව පුද්ගලයන් 12 දෙනෙකු නව්‍ය කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක පි‍්‍රයන්ත ද සිල්වා සඳහන් කළේ.

මේ අතර, අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කරන ග‍්‍රාම නිලධාරිනියකට නව්‍ය කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් එම ග‍්‍රාම නිලධාරිනිය පසුගිය 07 වනදා අම්බලන්තොට රෝහලට ප‍්‍රතිකාර ලබාගැනීමට ගොස් ඇති අතර එහිදී රෝහලේ කොරෝනා නිරෝධායන වාට්ටුව වෙත ඇතුලත් කර පී සී ආර් පරීක්ෂණයකට ලක් කිරීමටයි රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත්තේ. නමුත් 08 වනදා ඇය රෝහලට නොදන්වා පිටව ගොස් ඇති බව වාර්තා වනවා. 

12 වනදා පී සී ආර් පරීක්ෂණයේ ප‍්‍රතිපල ලැබීමෙන් පසු අදාල ග‍්‍රාම නිලධාරිවරිය කොරෝනා අසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් පසු එදින රාත‍්‍රියේ හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගී ප‍්‍රතිකාර ඒකකයට ඇතුලත්කර තිබෙනවා. 

මේ වනවිට සිදුකරන ලද පරීක්ෂණ කටයුතුවලින් තහවුරු වී ඇත්තේ අදාළ ග‍්‍රාම නිලධාරීවරිය 07 වනදා පෙරවරුවේ රෝග ලක්ෂණ තිබියදීත් අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ග‍්‍රාම නිලධාරීවරුන්ගේ රැස්වීමකට හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමක් සදහා සහභාගි වී ඇති බවයි. එමෙන්ම ඇය සේවය කරනු ලබන අම්බලන්තොට මාමඩල ග‍්‍රාම නිලධාරී වසම තුළ ද රාජකාරී කටයුතු සිදුකර තිබෙනවා.

අදාළ ග‍්‍රාම නිලධාරීවරිය සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් හදුනා ගැනීම ස`දහා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එම සමීපතමයින් ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.