Saturday, May 18, 2024

General line - 0115112241

ලොවපුරා ගුගල් සේවාවන්වල හදිසි බිඳ වැටීමක්




ලොවපුරා ගුගල් සේවාවන් හි හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ අනුව ලොවපුරා මිලියන සංඛ්‍යාත අන්තර්ජාල පරිශීලකයින්ට ගුගල් ඊමේල් සේවාව, යුටියුබ්, ගුගල් මැප්ස් ඇතුළු සේවාවන් සඳහා පිවිසීම සම්පුර්ණයෙන් ඇණ හිට ඇත.

මේ සම්බන්ධයෙන් ගුගල් සමාගම මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති අතර ගතවූ මිනිත්තු 20 ක කාලයක සිට මෙම තත්ත්වය උද්ගතවී තිබෙනවා.