Saturday, May 18, 2024

General line - 0115112241

සමගි ජනබලවේගයේ නායකත්වය වසරකට සීමාවෙයි




නව ව්‍යවස්ථාවට අනුව පක්‍ෂ නායක සහ සෙසු නිලධාරීන්ගේ නිල කාලය වසරකට සීමා කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පවසනවා. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය පක්‍ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ.

මේ වනවිට සකස් කර ඇති පක්‍ෂ ව්‍යවස්ථා කෙටුම්පත විධායක සභාව රැස්වී අනුමත කර ගෙන ඉදිරි කටයුතු සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.