Saturday, May 18, 2024

General line - 0115112241

අද දිනයේ කොවිඩ් රෝගීන් 688ක් සහ මරණ 02ක්




මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9,000 සීමාව පසුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා. ඒ අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 688 දෙනා ද සමගයි.

ඒ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 33,481ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 24,309ක්. මේ වන විට රෝහල් ගතව ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,020ක්.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 29,837ක්.

මේ අතර අද දිනයේ දී තවත් කොවිඩ් ආසාදිත මරණ 02ක් වාර්තා වී ඇත. 

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 65. හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.