Saturday, May 18, 2024

General line - 0115112241

වාහන ලියාපදිංචි තහඩුවේ පළාත් හඳුනා ගැනීමේ අක්ෂර ඉවතට 




වාහන ලියාපදිංචි කිරීමේදී වාහන අංක තහඩුවට පළාත් හඳුනා ගැනීමේ අක්ෂර එක් කිරීම ඉවත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්.

පළාත් අතර වාහන හිමිකම් පැවරීම් සිදුකිරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් සේවාලාභින්ට මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට ද ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදුවී ඇත.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකම අනන්‍ය වූ අංකයක් නිකුත් කිරීම සිදුකරන බැවින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය හරහා නිවැරදි අනන්‍යතාව පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව පවතින බවයි ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ.