Saturday, May 18, 2024

General line - 0115112241

ස්වයං නිරෝධනයට යොමු කර සිටි සිව්දරු පියා ජිවිතක්ෂයට

රංජිත් රාජපක්ෂ - හැටන් 




ස්වයං නිරෝධනයට යොමු කර සිටියදි මියගිය සිව්දරු පියෙකු සිරුර PCR පරික්ෂණ වාර්තාවක් ලබගැනිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරන ලෙසට බගවන්තලාව හදිසි මරණ පරික්ෂක වර්දන් ධනලෙච්චුම් මහත්මිය ඊයේ (14) දින රාත්‍රියේ බගවන්තලාව පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් මොරා තේ වත්තේ පහල කොටස් පදිංචි 86 හැවිරිදි සිව්දරු පියෙකි.

ජිවිතක්ෂයට පත් සිව්දරු පියාගේ මුණුබුරා ජා-ඇල, සිදුව ප්‍රදේශයේ සිට ඉකුත් 10 වෙනි දින තම නිවසට පැමිණිමෙන් පසු බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් මරණකරු ඇතුළු එම පවුලේ දස දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි සිව්දරු පියා මෙලෙස ඊයේ ජිවිතක්ෂයට පත් වි ඇත.

මියගිය සිව්දරු පියාගේ සිරුර දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර PCR පරික්ෂණ වාර්තාව ලැබිමෙන් පසු සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යයවරිය විසින් සිදු කිරිමට නියමිතය.

මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.