Sunday, May 19, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණ ගැන තීරණය පක්ෂ නායක රැස්වීමකින් පසු




පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ජා කර ඒ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තීරණය වී තිබෙනවා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණයට එළඹුණු බවයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. 

මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි. 

ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පළ කළේ මෙවන් අදහසක්.