Monday, May 20, 2024

General line - 0115112241

සේනා මඩින නව වෛරසයකුත් වගා බිමට එයි




සේනා දළඹු උවදුර මර්ධනය සඳහා මෙරටට ගෙන්වා ඇති MTV නමැති වෛරසය ලබන සතිය වනවිට වෙළඳපලට මුදාහරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්  එම් ඩබ්ලිව් වීරකෝන් කියා සිටියේ සේනා දළඹුවාගෙන් වගා බිම්වලට සිදුවන හානිය පාලනය කර ගැනීමට එමගින් හැකිවනු ඇති බවයි. 

සේනා දළඹු විශේෂය මර්ධනය කළ හැකි එම වෛරසය වෙළඳපලට නිකුත් කිරීම ප‍්‍රමාද වූයේ රට තුළ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් බව ද කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. 

දිවයිනේ දිස්ති‍්‍රක්ක ගණනාවක ගොවිබිම්වලට සේනා දළඹු උවදුරෙන් හානි සිදුව තිබෙනවා. 

බඩ ඉරිගු ඇතුලූ වගාවන්ට හානි කරමින් මෙවරද සේනා දළඹු උවදුර හිස ඔසවමින් ඇති බව නෙත් නිවුස් ඉකුත් සති කිහිපයේම අනාවරණ කළා. අනුරාධපුර ප‍්‍රදේශයේ බඩ ඉරිගු වගාවට හානි කරමින් සේනා දළඹු ව්‍යාප්තිය සිදු වෙමින් ඇති බවටයි අනාවරණ කෙරුණේ. 

මීට වසර කිහිපයකට පෙරද සේනා නමින් ව්‍යාප්ත වූ මෙම දළඹු උවදුර හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට එල්ල වුයේ දැඩි බලපෑමක්. 2018 - 2019 කාල වකවානුවේදීද මතු වූ සේනා දළඹු ව්‍යාප්තිය හේතුවෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ බඩ ඉරිගු අක්කර විශාල ප‍්‍රමාණයක් විනාශ වූණා. අනුරාධපුරයේ පමණක් බඩ ඉරිගු වගාව සම්පූර්ණයේන්ම හානි වූ ගොවීන් සංඛ්‍යාව ද සිය ගණනක්.