Monday, May 20, 2024

General line - 0115112241

පෘෂ්ඨ මත ඇති කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව සොයා ගැනීමක් ශී‍්‍ර ලංකාවෙන්




පෘෂ්ඨ මත ඇති කොරෝනා වැනි වෛරස්, බැක්ටීරියා සහ දිලීර විනාශ කිරීමේ හැකියාව පවතින නව සංයෝගයක් සොයා ගැනීමට මෙරට විද්‍යාඥයෙකු සමත්ව තිබෙනවා. 

එම නව නිර්මාණය සොයා ගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්යවරයෙකු සහ නැනෝ තාක්ෂණය සහ ජෛව විද්‍යාව පිළිබඳ විද්‍යාඥවරයෙකු වන ආචාර්ය ප‍්‍රසංග මන්තිලකයි. 

තමන් සොයා ගත් සංයෝගය පෘෂ්ඨ මතට යෙදීමෙන් මාසයක පමණ කාලයක් එම පෘෂ්ඨ මත වෛරස්, බැක්ටීරියා සහ දිලීර ඇති නොවන බවත්, එවැනි හැකියාවක් ඇති ලොව නිපදවූ පළමු සංයෝගය එය වන බවත්, ආචාර්ය ප‍්‍රසංග මන්තිලක නෙත් නිවුස් වෙත කියා සිටියා. 

සිය නව නිපැයුම සියයට සියයක් කාබනික සංයෝගයක් වන බව ද ආචාර්ය ප‍්‍රසංග මන්තිලක වැඩිදුරටත් සඳහන් කළා.  මෙම සංයෝගය සම්බන්ධයෙන් අන්තර්ජාතික ආයතන මගින් පරීක්ෂණ වාර්තා ලබාගෙන ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.