Monday, May 20, 2024

General line - 0115112241

පානදුර හුදෙකලා කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වේ




පානදුර, තොටවත්ත ප‍්‍රදේශය වහාම කි‍්‍රයාත්මක වන පරිදි හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස පෙරේදා රාති‍්‍රයේ සිට නම් කෙරුණද, ඊයේ රාති‍්‍රය වනතුරු එම නියෝගය කි‍්‍රයාත්මක නොවූ බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

පානදුර, තොටවත්ත, සහ බඩල්කුඹුර, අලූපොත යන ප‍්‍රදේශ හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කරන බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුවද, ඒ සම්බන්ධයෙන් පානදුර, තොටවත්ත ප‍්‍රදේශය අයත් පොලිස් බලප‍්‍රදේශය වන පානදුර උතුර පොලිස් ස්ථානයට  හෝ අදාළ ප‍්‍රදේශය භාර පොලිස් ප‍්‍රධානීන් වෙත එම නියෝගය අදාළ අවස්ථාවේ ලැබී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

එමෙන්ම අදාළ නියෝගය ප‍්‍රදේශය භාර පොලිස් ප‍්‍රධානීන් වෙත ලැබී ඇත්තේ ඊයේ රාති‍්‍රයේයි. ඒ අනුව පෙරේදා දිනයේ සිට හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කෙරුණු, පානදුර තොටවත්ත ප‍්‍රදේශයට පොලිස් මාර්ග බාධක යොදා සංචර්ණය සීමා කිරීමට පොලීසිය කටයුතු කර ඇත්තේ ඊයේ රාති‍්‍රයේ සිට බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේ අතර ඉකුත් දා මියගිය පානදුර, තොටවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගේ මෘතදේහය පානදුර මූලික රෝහලේ බලධාරීන් විසින් ඡුක්‍ඍ පරීක්ෂණක් සිදු නොකර, මුදා හැරීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ මහජනතාවගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප‍්‍රදේශවාසීන් පිරිසක් පානදුර උතුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.  

මේ අතර පෙරේදා දිනයේදි හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කෙරුණු මොනරාගල අලූපොත ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. තවත් 121 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද දිනයේ ලැබීමට නියමිත බවයි ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.