Monday, May 20, 2024

General line - 0115112241

බස්නාහිර කොරෝනා අවදානම ඉහළයි - සංචරණය සීමා කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්




බස්නාහිර පළාතේ ජීවත්වන පුද්ගලයින් සංචරණය සම්බන්ධයෙන් ස්වයං විනයක් ඇති කර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.  

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ එසේ සිදුනොවුන හොත්, කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත විය හැකි බවයි. 

මේ අතර යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ රටේ පවතින කොවිඞ් තත්ත්වය අනුව ගතයුතු ඉදිරි තීරණ පිළිබඳව එළඹෙන 22 සහ 23 යන දිනයන්හිදි දැනුම්දෙනු ඇති බවයි.

දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමට හෝ හුදකලා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවද ඔහු කියා සිටියා. 

මේ අතර තවත් කොරෝනා ආසාදිත තවත් මරණ 3ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොලොන්නාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ 09 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.  

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඞ් ආසාදිතයින් 285ක් අලූතින් හඳුනාගෙන තිබෙනවා. පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ‍්‍රිතයින් 234ක් සහ බන්ධනාගාර කොවිඞ් පොකුරේ ආසාදිතයින් 51ක් ඒ අතරට අයත්.

ඒ අනුව ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 611ක්. ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 31,070 දක්වා ඉහල ගොස් තිබෙනවා.