Sunday, May 19, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දීමේදී ප්‍රමාදයක් වීමට ඉඩක් දෙන්නේ නැහැ - මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්




පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැරදි කරුවන්ට දඩුවම් දීමේදී කිසිදු ප‍්‍රමාදයක් ඇති වීමට ඉඩ නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ඔහු පැවසුවේ මේවන විට කි‍්‍රයාත්මක ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් වූ වහාම එම අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. 

පාස්කු ප‍්‍රහාරයේ නඩු කටයුතු විමර්ශණය සඳහා විශේෂ කණ්ඩායම් දැනටමත් සිය කටයුතු සිදු කරමින් ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා. 

මේ අතර පාස්කු ප‍්‍රහාරයේ වින්ධිතයින් සඳහා ලබා දුන් වන්දි, ඊට පෙර දිගන හා බේරුවල ප‍්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවලිදී ලබා දුන් වන්දි හා සැසදීමේදී ඉතා අඩු බව හානී පූර්ණ සඳහා වූ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ එම් බදියුදීන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ පිළිගත්තා.