Saturday, May 18, 2024

General line - 0115112241

ප‍්‍රංශ ජනාධිපති නිසා යුරෝපා නායකයින් හුදෙකලා වෙයි




යුරෝපා නායකයින් රැසක් මේවනවිට නිරෝධායනයට ලක්ව, හුදෙකලාව සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඒ, ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරුවීමත් සමගයි.

බෙල්ජියමේ බ‍්‍රස්ල්ස් අගනුවර පැවැති සමුළුවකට ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් ඉකුත් දා සහභාගී වි තිබුණා. යුරෝපා නායකයින් රැසක් ද එම සමුළුවට සහභාගී වී ඇති අතර ඔවුන් එහිදී ප‍්‍රංශ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ස්පාඤ්ඤ අග‍්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ද මේවනවිටත් ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා. ඔහුට සිදුකළ පරීක්ෂණවලදී වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වුවත්, ඔහු නිරෝධායනයට ලක්ව සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. යුරෝපානු කවුන්සිලයේ ප‍්‍රධානී චාල්ස් මිෂෙල් ද මේවනවිටත් සිටින්නේ හුදෙකලාවයි. ඊට අමතරව පෘතුගාල අග‍්‍රාමාත්‍ය අන්තෝනියෝ කොස්තා, බෙල්ජියමේ අග‍්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ද කෲ, ලක්සෙම්බර්ග් අග‍්‍රාමාත්‍ය සේවියර් බෙටෙල් මෙන්ම අයර්ලන්ත අග‍්‍රාමාත්‍ය මයිකල් මාටින් ද මේවනවිට සිටින්නේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් ද මේවනවිට නිරෝධායනය වෙමින් සිටින අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.