Saturday, May 18, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයේ නිරෝධයන කාලය දින 10කට අඩු කෙරේ




පුද්ගලයෙකු ස්වයං හුදෙකලාවට ලක්විය යුතු කාලය දින 10 ක් දක්වා අඩු කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කර තිබෙනවා. යම්කිසි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකුගේ ආශි‍්‍රතයෙකු ලෙස හඳුනා ගැනුණහොත්, එම පුද්ගලයා දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවටයි බි‍්‍රතාන්‍ය රජය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ. 

කෙසේවෙතත්, එම කාලය දින 04 කින් අඩුකර, ආශ‍්‍රිතයෙකු ස්වයං නිරෝධායනයට ලක්විය යුත්තේ දින 10 ක කාලයක් පමණක් බව බි‍්‍රතාන්‍ය තීරණය කර තිබෙනවා. කොරෝනා අධි අවදානමක් ඇති රටවල සිට බි‍්‍රතාන්‍යට පැමිණෙන පුද්ගලයින්ට ද මෙම දින 10 නිරෝධායන කාලය අදාළ වීම විශේෂත්වයක්.