Saturday, May 18, 2024

General line - 0115112241

කොවිඞ් ව්‍යාප්තියේ වර්ධනය නිසා සිඞ්නි නගරයටත් නව සීමා




ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයට නව නිරෝධායන සීමාවන් පැනවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව සිඞ්නි නගරයේ පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසකට ගෘහස්ථව එක්ව කටයුතු කිරීම මෙන්ම පුද්ගලයින් 300 කට වැඩි පිරිසකට උත්සව ශාලාවල රැස්වීම ද ලබන බදාදා වනතෙක් තහනම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි එංගලන්තයේ පුද්ගලයින් මිලියන 16කට අධික පිරිසක් නත්තල් සමයේදී අගුලූ දැමීමකට ලක් කිරීමට බි‍්‍රතාන්‍ය රජය පියවර ගෙන තිබෙනවා. ඒ, එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡුාවකදී එළඹි තීරණයකට අනුවයි.

ඒ අනුව නත්තල් සමයේදී ලිහිල් කිරීමට නියමිතව තිබූ නිරෝධායන රෙගුලාසි ද ලිහිල් නොකර සිටීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් මිලියන 16 කගේ නත්තල් සැලසුම් අවලංගු වුව ද මේ වනවිට එංගලන්තයේ පැතිර යන දෙවන කොවිඞ් රැල්ල සම්පේ‍්‍රෂණය වීමේ හැකියාව, පළමු කොවිඞ් රැල්ලට වඩා සියයට 70 කින් වැඩි බැවින් එම පියවර ගත් බවයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත්තේ.