Saturday, May 18, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගෙන් මෝදිට සම්මානයක්




ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත,ඇමරිකානු එක්සත් ජනපදය විසින් විදේශීය රාජ්‍ය නායකයන් වෙත පිරිනමන ඉහළම සම්මානය වන ලෙජියන් ඔෆ් මෙරිට් (Legion of Merit) සම්මානය ප්‍රදානය කර තිබේ.

දෙරට අතර උපාය මාර්ගික සබදතා වර්ධනය වෙනුවෙන් සහ ඉන්දියාව ලෝක බලවතෙකු ලෙස ඔසවා තැබීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන බව ඊට අදාළ හේතු පාඨයන්හි සදහන් වේ.

අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, ඇමරිකාවේ ඉන්දීය තානාපති තරන්ජිත් සිං සිධු විසින් අදාළ සම්මානය ධවල මන්දිරයේදී භාරගනු ලැබුවේ ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක රොබර්ට් ඕ බ්‍රයන් වෙතිනි.

අගමැති මෝදිට අමතරව, ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් වෙතද මෙම සම්මානය පිරිනමා තිබේ.