Monday, May 20, 2024

General line - 0115112241

කොවිඩ් නිසා ත්‍රිකුණාමලයට සංචරණ සීමා




ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පාලත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරියේ එන නිවාඩු කාලයේ සංචරණ කටයුතු දැඩි ලෙස සීමා කරන්නැයිද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළැක්විම සදහා අවශ්‍ය තින්දු තිරණ ගැනිමේ පළාත් කමිටුව අද(23) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි රැස්වූ අවස්ථාවේදි ඇය මේ බව සඳහන් කර සිටියා.

මේ අතර ඉදිරි සති දෙක තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් අතර නිරෝධානය පනත උල්ලංඝනය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියා.

ඊට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඇතුළු වන පුද්ගලයන් පිළිබදව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් දැනට යොදවා ඇති මුර කපොලු සංඛ්‍යාව වැඩි කරන ලෙසත්  ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියා.