Monday, May 20, 2024

General line - 0115112241

ශ‍්‍රී පාද වන්දනාවට තහංචි




එළඹෙන ජනවාරි මාසයේදී ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ති‍්‍රක් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ශ‍්‍රී පාද වන්දනා සමයේ ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම අවදානම් තත්ත්වයක පැවතීම හේතුවෙන්. 

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ හැටන් වතු ආශි‍්‍රත ප‍්‍රදේශවල වෛරසය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර පැවසුවේ. එබැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අවසර ලබා, ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණිය ද, පවතිව අවදානම පහව නොයන බවයි නුවරඑළිය දිස්ති‍්‍රක් කොරෝනා මර්ධන කමිටුව පවසන්නේ. 

මේ අතර සංචාරක හෝටල්වල හිග බිල්පත් වෙනුවෙන් වසරක කාලයක් ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සංචාරක හෝටල්වල විදුලි සැපයුම විසන්ධි නොකරන ලෙසටයි දැනුම්දී ඇත්තේ.