Monday, May 20, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයේ නව වෛරසය PCR පරීක්ෂණත් මගහැර යයි




බි‍්‍රතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයට එරෙහිව ගත යුතු කිසිඳු අළුත් කි‍්‍රයාමාර්ගයන් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ක්ෂූද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විේ‍යශ්ෂඥ වෛද්‍ය ශිරානි චන්ද්‍රසිරි පැවසුවේ PCR පරීක්ෂණය හරහා මෙම වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට නොහැකි බවයි. 

මේ දිනවල බි‍්‍රතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ද ශ‍්‍රී ලංකාව ඊයේ පියවර ගත්තා.

මේ අතර කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් බි‍්‍රතාන්‍යයෙන් හඳුනා ගැනීමත් සමග එයට එරෙහිව කි‍්‍රයාකළ හැකි නව එන්නතක් සම්බන්ධයෙන් ද ඖෂධ සමාගම්වල අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිෂ්පාදනය කළ ෆයිසර් සහ මොඬේනා යන සමාගම්, මේවනවිටත් ඊට මුල් පියවර තබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.