Friday, May 3, 2024

General line - 0115112241

පළමු දිනයේම ශී‍්‍ර ලංකා පිල ප‍්‍රබල ස්ථානයක - චන්දිමාල් සහ ධනංජය වාර්තාවකුත් තබයි




සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේදීම ප‍්‍රබල ස්ථානයක පසුවීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම සදහා කඩුලූ 6ක් දැවී ලකුණු 340ක් රැස් කරමින්.

ශී‍්‍ර ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 85ක් රැස් කළා. පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජය ද සිල්වා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වුණේ ලකුණු 79ක් ලබා සිටියදීයි. දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සිව්වන කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු සංඛ්‍යාව 131ක්.

එය වාර්තා වූයේ සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට්ස් පාර්ක් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලාංකික පිතිකරුවන් දෙදෙනෙකු   ඕනෑම කඩුල්ලක් සදහා රැස් කළ ඉහළම ලකුණු සබදතාව ලෙසයි. ඔවුන් දෙදෙනා විසින් බිද දැමුවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පිහිටුවා තිබූ වසර 18ක් පැරණි වාර්තාවක්.

2002 වසරේදී මෙම කී‍්‍රඩාංගණයේදී තුන්වන කඩුල්ල සදහා ලකුණු 119ක සබදතාවක් ගොඩනගමින් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණා. 

ශී‍්‍ර ලංකා පළමු ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණුු 49ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 22ක් රැස් කළා. සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන වනිදු හසරංග ලකුණු 18කට දැවී ගියා.

පළමු දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දසුන් ශානක ලකුණු 25ක් සහ කසුන් රාජිත නොදැවී ලකුණු 7ක් ලබා සිටියා. පන්දු යැවීමේදී වියාන් මුල්ඩර් ලකුණු 68කට කඩුලූ 3ක් බිද හෙලූවා. සෙන්චූරියන් හිදි පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය අදයි.