Saturday, May 18, 2024

General line - 0115112241

රෝග රැසක් වළක්වන අලුත්ම ප්‍රතිශක්තිකරණ එන්නතක් එයි




නියුමොකොකොයි බැක්ටීරියාව මගින් ඇතිවන නියුමෝනියාව , මෙනින්ජයිටිස් සහ ලේ විසවීමේ රෝග තත්වයන් වළක්වාලීම සදහා දේශීයව නිෂ්පාදනය කරන ලද ප්‍රතිශක්තිකරණ එන්නතක් ඉන්දියාව විසින් එළිදක්වා තිබේ.

එන්නත එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ වර්ධන් සදහන් කළේ මෙය තම රටට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින ආසියානු අප්‍රිකානු සියලු රටවලට අදාළ රෝග පාලනය සම්බන්ධයෙන් අතිශය වැදගත් තීරණාත්මක  අවස්ථාවක් බවයි.

ඉහළ ගුණාත්මකභාවය සහ දරාගත හැකි මිල මෙම එන්නතේ ඇති තවත් විශේෂත්වයන් වේ.

ඉන්දියාවේ පූනේහි පිහිටි, රටවල් 170ට එන්නත් අ⁣පනයනය කරන,  ලොව විශාලතම වැක්සීන් ධාරිතාවක් නිෂ්පාදනය කරන සීරම් ඉන්ඩ්‍රස්ට්‍රීස් ආයතනය මගින් මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නිෂ්පාදනය කර හදුන්වා දී ඇත්තේ මූලික පර්යේෂණ වට පහකින් අනතුරැවයි.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙන්සා කොවිඩ් එන්නතේද ප්‍රධාන නිෂ්පාදකයෙකු වන්නේ මෙම සමාගම වන අතර දැනටමත් ඔවුන් විසින් ඊට අදාළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.