Saturday, May 18, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය, යළි පූර්ණ ලොක්ඩවුන් තීරණයක් අභියස

ජනක අලහප්පෙරුම




කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එංගලන්තය බරපතල සෞඛ්‍ය අවදානමකට මුහුණ පා සිටිනවා. පවතින තත්ත්වය හමුවේ ලන්ඩන් අගනුවර පිහිටි සියලූ රෝහල්වල ධාරිතාවය ද ඉක්මවා රෝගීන්ගෙන් පිරී පවතින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අගනුවර රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ගොස් ඇති අතර, එම රෝහල් සඳහා තවදුරටත් රෝගීන් ඇතුළත් කරගත නොහැකි බැවින් බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් ලන්ඩන් නුවරින් පිටත රෝහල්වෙත මාරුකෙරෙමින් පවතිනවා. අගනුවර රෝහල් ඉදිරිපිට ගිලන්රථ පෝළිම් දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

පවතින තත්ත්වය හමුවේ රට වසා දමන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය මේවනවිට පසුවන්නේ මතභේදාත්මක තත්ත්වයකයි. එංගලන්තයේ නවතම තොරතුරු නෙත් නිවුස් ලන්ඩන් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්. 

කොරෝනා වෛරසයේ පළමු රැල්ල සහ දෙවන රැල්ල ව්‍යාප්තවීම ආරම්භ වූ සමයේද බි‍්‍රතාන්‍ය බලධාරීන් දැඩි නිරෝධායන රීති අනුගමනය කළා.