Saturday, May 18, 2024

General line - 0115112241

ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය 




බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥයින් විසින් නිපදවූ ඇස්ට‍්‍රා - සෙනෙකා කොරෝනා මර්ධන එන්නත භාවිතය සඳහා බි‍්‍රතාන්‍ය අද අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව ඔක්ස්ෆර්ඞ් කොරෝනා මර්ධන එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට වන්නේ බි‍්‍රතාන්‍යයයිග බි‍්‍රතාන්‍යයේ නිපදවූවක් වන බැවින් එහි සැපයුම කෙරෙහි බි‍්‍රතාන්‍ය රජය වැඩි විශ්වාසයක් තබා ඇතැයි සඳහන්.

 එසේම සාමාන්‍ය ශීතකරණයක පවතින උෂ්ණත්වයේ ගබඩා කර තැබිය හැකිවීම ඔක්ස්ෆර්ඞ් එන්නත සතු විශේෂත්වක්ග ඒ අනුව ඔක්ස්ෆර්ඞ් එන්නත ලබන සතියේ සිට බි‍්‍රතාන්‍ය වැසියන්ට ලබාදීමට එරට රජය සැලසුම් සකස් කර තිබෙනවා. ඒ සඳහා මේවනවිටත් එන්නත් මාත‍්‍රා මිලියන 100 ක් ඇනවුම් කර ඇති අතර එය බි‍්‍රතාන්‍ය වැසියන් මිලියන 50කට ලබාදීමට නියමිතයි.

බි‍්‍රතාන්‍ය මේවනවිටත් ෆයිසර් - බයෝ එන් ටෙක් එන්නත භාවිත කරමින් සිටිනවාග එහෙත් එංගලන්තයෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ වේගවත් ව්‍යාප්තියත් සමග එන්නත්කරණ වැඩපිළිවෙළ ද ශක්තිමත් කර ගැනීමටයි බි‍්‍රතාන්‍යට සිදුව ඇත්තේ.

 කොරෝනා නව ප‍්‍රභේදයේ ව්‍යාප්තියත් සමග බි‍්‍රතාන්‍ය මේවනවිට සිටින්නේ දැඩි අර්බුදයකයි. පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් අභියස පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේග ලන්ඩන් නුවර සියලූ රෝහල් මේවනවිටත් ධාරිතාවය ද ඉක්මවා රෝගීන්ගෙන් පිරීගොස් අවසන්.