Saturday, May 18, 2024

General line - 0115112241

රටින් පලාගොස් සිටින ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රියාකාරිකයන් තිස්දෙනෙකු සොයා හොංකොං පොලිසියෙන් විමර්ශන




මේ වනවිට හොංකොං දේශයෙන් පලාගොස් සිටින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා හොංකොං ආරක්ෂක බලධාරීන් දේශිය සහ අන්තර්ජාතික වශයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙි තිස්දෙනා අතර හිටපු මන්ත්‍රීවරුන් වන ටෙඩ් හුයි චි සහ ලෙයුන්ග් චුන් හැන්ග් යන දෙදෙනාද සිටින බවත් ඔවුන් පිලිවෙලින් බ්‍රිතාන්‍යයට සහ අමරිකා  එක්සත් ජනපදයට පලාගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

සෙසු ක්‍රියාකාරිකයන්ද එම රටවල් දෙකටත්, යුරෝපයේ ඇතැම් රටවලටත්, තායිවානයටත් පලාගොස් සිටින බව හොංකොං බලධාරීන් ප්‍රකාශ කර ඇත.

වීනයේ මැදිහත්වීමෙන් හොංකොං දේශයට යුද නීතිය පැනවීමත් සමග මෙම පළායාමි සිදුව ඇති බව හෙළිවී තිබේ.

විදේශ බලවේගවල මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටීමත්, ජාතික ආරක්ෂව අනතුරට හෙළිමත් මොවුන්ට එරෙහිව ඇති චෝදනා බව හොංකොං බලධාරීහු සදහන් කරති.