Saturday, May 18, 2024

General line - 0115112241

පකිස්තානයේ චීන වරාය රකින්න දැවැන්ත ආරක්ෂක වැටක්




පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ග්වාඩර්හි පිහිටි චීනය විසින් පරිපාලනය කෙරෙන වරාය ආරක්ෂා කිරීම සදහා දැවැන්ත ආරක්ෂක වැ⁣ටක් ඉදිකිරීමට තීරණය කර තිබේ.

වර්ග කිලෝමීටර් 40 ක් පමණ වන සමස්ත වරාය භූමිය ආවරණය වන පරිදි පකිස්තාන ආරක්ෂක අංශ සහ  වරාය පරිපාලනය කරන චීන සමාගමේ මැදිහත්වීමෙන් අදාළ වැට ඉදිකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය විසින් ග්වාඩර් වරාය පරිපාලනය කිරීමට එරෙහිව බලුකිස්තානයේ බෙදුමිවාදී කණඩායමි සහ විපක්ෂ කණ්ඩායම් දැඩි ලෙස  විරෝධය පළකරයි.

මෙම කණ්ඩායම් වෙතින් එල්ලවිය හැකි තර්ජනවලින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම ආරක්ෂිත වැට ඉදිකෙරෙන බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම ආරක්ෂක වැට ඉදිකිරීමේ තීරණයද බලුකිස්තාන විපක්ෂ කණ්ඩායම්වල දැඩි විරෝධයට හේතු වී ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ මේ සමගම අදාළ ප්‍රදේශයට ඇතුලුවීම ස්වදේශිකයන්ට තහනම් වනු ඇති බවයි.