Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දියාවේ කාශ්මීර ප්‍රතිපත්තියේ කැපී පෙනෙන වෙනසක්




කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කළ  දැඩි ආරක්ෂිත ප්‍රතිපත්තිය වෙනුවට එහි සංවර්ධනය වේගවත් කෙරෙන ආර්ථික  පිළිවෙතක් වෙත අවතීර්ණ වී ඇතැයි  ආර්ථික හා දේශපාලක විශ්ලේෂකයන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කාශ්මීරයට සුවිශේෂි වරප්‍රසාද හිමිකර දුන් ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අහෝසි කිරීමෙන් පසු එහි නොසන්සුන්තාවයන් හටගත්තත් මේ වන විට එම තත්වයන් බොහෝදුරට පාලනය වී ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදිගේ සෘජු මෙහෙයවීමෙන් එහි සංවර්ධනය වේගවත් කර ඇති බව සදහන් වේ.

ඒ අනුව ශීත සෘතුවේ දේශිය සංචාරක ව්‍යාපාර⁣ය ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර ඇපල් ඇතුළු කාශ්මීර පලතුරැ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කීරීමේ වැඩපිලිවෙළ සදහා පහසුකම් සපයා ඇත.

මෙතෙක් විදුලිය ලබා දී නොතිබුණු දොදා දිස්ත්‍රික්කයේ තත්ත්‍රි ප්‍රදේශයේ ගම්මාන රැසකට විදුලිය ලබාදීමට පියවර ගෙන ඇති අතර නව මාර්ග සහ දුම්රිය මාර්ග රැසක්ද ඉදිකර තිබේ.

ඉන්දියානු මධ්‍යම රජයේ ⁣මෙම නව කාශ්මීර ප්‍රවෙිශය එහි දේශපාලන, ආර්ථික මෙන්ම ආරක්ෂක  තත්වයේ වෙනසකට මග පාදනු ඇති බව එරට විශ්ලේෂකයන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත.