Saturday, May 18, 2024

General line - 0115112241

මානව හිමිකම් ක්‍රියාකාරිනියගේ අභිරහස් ඝාතනයට එරෙහිව බංගලාදේශයේත් විරෝධතා




කැනඩාවේදී සිදුවූ පකිස්තානයේ  මානව හිමිකම් ක්‍රියාකාරිනි කරීමා බලූච්ගේ අභිරහස් ඝාතනයට එරෙහිව බංගලාදේශයේත් විරෝධතා පවත්වා තිබේ.

මුක්තියුද්ද මන්චා සංවිධානයේ මෙහෙයවීමෙන් ඩකාහි පැවති එම විරෝධතාවයට හිටපු විනිසුරැවරැන්, සිවිල් සංවිධාන නායකයන් ,ශිෂ්‍යයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානයෙන් බැහැරව 2015 සිට කැනඩාවෙි ජීවත් වූ කරීමා බලූච් පසුගියදා හදිසියේ අතුරැදන් වූ අතර පසුව ඝාතනය කරන ලද ඇයගේ සිරැර හමුවී තිබුණේ  ඔන්ටාරියෝ විල අසබඩ ප්‍රදේශයකදීයි.

ඇයගේ ඝාතනයට පකිස්තානයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර ඒ පිලිබද විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කැනඩා රජයට ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබේ.