Saturday, May 18, 2024

General line - 0115112241

චීනය සහ ඉන්දියාව අතර ජල අර්බුදයක පෙර නිමිති




බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ඉහළ කොටසක් හරස් කොට ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට ගෙන ඇති තීරණයක් හේතුවෙන් චීනය, ඉන්දියාව සහ බංගලාදේශය අතර අර්බුදයක් හටගැනීමෙි වාතාවරණයක් මතුව තිබෙි.

බ්‍රහ්මපුත්‍ර ගංගාව චීනය විසින් පාලනය කරන ටිබෙටයේ හිමාල කදුවැටිය ආශ්‍රිතව ආරම්භ වී  ඉන්දියාව සහ බංගලාදේශය හරහා බෙංගාල බොක්ක ඔස්සේ ඉන්දියන් සාගරයට ගලා බසී.

චීනය, ගංගාවේ ඉහළ කොටස පිහිටි ටිබෙටය ආශ්‍රිතව මෙම ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ හේතුවෙන්, ඉන්දියාවට සහ බංගලාදේශයට ජලය හිගවීමේ අවදානමක් මතුව ඇති අතර එය ජාත්‍යන්තර   නීතියට පටහැනි ප්‍රවේශයක් බව එම රටවල් දෙකෙහි මතයයි.

කෙසේවෙතත් චීනයෙහි තීරණයෙහි වෙනසක් සිදුව නොමැති අතර මේ හේතුවෙන් රටවල් තුන අතර දේශපාලන අර්බුදයක් ඇතිවීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවට අයත් ලඩාක් ප්‍රදේශයේ කොටසක් චීනය විසින් අත්පත්කර ගැනීම හේතුවෙන් මේ වනවිටත් එම රටවල් දෙක අතර උණුසුම් වාතාවරණයක් මතුව ඇත.