Saturday, May 18, 2024

General line - 0115112241

ලොව රටවල් රැසක සීමා පැනවෙද්දී කොවිඩ් ව්‍යාප්තිය ඇරඹුණු වුහාන් නගරය නව වසරේ උදාව පිළිගත් අයුරු (PHOTOS)




කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතාලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය වැනි යුරෝපයේ බොහෝ රටවල් ඇඳිරි නීතිය සහ දැඩි සංචරණ සීමාවන් පනවා තිබියදී වෛරසයේ ව්‍යාප්තිය මුලාරම්භය වූ චීනයේ වුහාන් නගරය 2021 වර්ෂයේ උදාව සැමරූ ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන් තුල දැඩි අවධානය යොමු වී තිබෙනවා.

චීනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ චීනයේ වුහාන් නගරය නව වසර පිළිගැනීම සඳහා විශාල ජන සහභාගිත්වයෙන් යුතු උත්සව, සංගීත ප්‍රසංග සංවිධානය කර තිබු අතර ඊට දහස් සංඛ්‍යාත නගර වාසීන් එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

නගරයේ ගොඩනැගිලි, පාලම් ආදිය වර්ණ බුබුළු වලින් ආලෝකමත් කර තිබු අතර විදී වලට රැස්වූ ජනතාව ඉතා උද්යෝගයෙන් නව වසරේ උදාව පිළිගනු ලැබුවේ මේ අයුරින්.