Saturday, May 18, 2024

General line - 0115112241

බලුකිස්තාන බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයකින් පකිස්තාන හමුදා භටයන් 07 දෙනෙකු මරැට




බලුකිස්තානයේ ශරාග් ප්‍රදේශයේ හර්නායිහිදී එල්ල වූ ප්‍රහාරයකින් පකිස්තාන හමුදා සාමාජිකයන් හත්දෙනෙකු මියගොස් තිබේ.

මීට සතිදෙකකට පමණ පෙර පකිස්තාන හමුදා එල්ල කළ ප්‍රහාරයකින් බලුකිස්තාන සටන්කාමීන් 10 දෙනෙකු මියගිය අතර ඊට පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සදහන් වේ.

බලුකිස්තානය පකිස්තානයෙන් වෙන් කරගෙන වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීම සදහා සංවිධාන ගණනාවක් සටන් වදිමින් සිටිති.

වසර ගණනාවක් තිස්සේ සිදුවන මෙම සටන්වලදී පකිස්තාන හමුදා සාමාජිකයන් , බලුකිස්තානය සටන්කාමීන් මෙන්ම සාමාන්‍යවැසියන් ද විශාල පිරිසක් මියගොස් තිබේ.

සටන්කාමී සංවිධාන පවසන්නේ බලුකිස්තානය 1947 ට පෙර ස්වාධීන රාජ්‍යයක්ව පැවතියත් අනතුරැව පකිස්තානය තම රට ඊට ඈදාගත් බවයි.