Friday, May 10, 2024

General line - 0115112241

වැලිකන්ද සහ රඹෑව ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් ධූරයන් දැරීම අත්හිටුවයි




වැලිකන්ද ප‍්‍රාදේශීය සභාවේ සභාපති පි‍්‍රයන්ත කවිඳු අබේසූරිය සහ රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපති අජිත් ප‍්‍රසන්න තෙන්නකෝන් එම ධූර දැරීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීමට උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. 

ඒ, ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. ඒ අනුව වැලිකන්ද ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටු කිරීම හා බලතල කි‍්‍රයාත්මක කිරීම පොලොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස් ජුනයිඞ් මොහොමඞ් අමීන්ට පවරා තිබෙනවා. 

රඹෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටු කිරීම හා බලතල කි‍්‍රයාත්මක කිරීම ආණ්ඩුකාරවරයා විසින් පවරා ඇත්තේ එම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සාලිබුගේ තයිබුටයි. ධූරය දැරීම අත්හිටවූ සභාපතිවරුන් දෙදෙනා ප‍්‍රාදේශීය සභා පනතේ උප වගන්ති යටතේ දක්වා ඇති වරදවල් සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික‍්‍රමාරච්චි පත් කිරීමට ද උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පියවර ගෙන තිබෙනවා.