Friday, May 10, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 192ක් 




කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 192 දෙනෙකු වාර්තා වූ බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා.  ඉන් වැඩිම පිරිස වන 35 දෙනෙකු වාර්තා වන්නේ මට්ටක්කුලිය ප‍්‍රදේශයෙන්. නාරාහේන්පිට ප‍්‍රදේශයෙන් 26 දෙනෙකු, අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන් 18 දෙනෙකු, දෙමටගොඩ ප‍්‍රදේශයෙන් 13 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තාවී තිබෙනවා.

ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 192 ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 19 දෙනෙකු දිවුලපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. කොටදෙණියාව ප‍්‍රදේශයෙන් 15 දෙනෙකු සහ පූගොඩ ප‍්‍රදේශයෙන් 12 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. 

කඩවත ප‍්‍රදේශයෙන් 9 දෙනෙකු, ගම්පහ, කැළණිය සහ තිහාරිය ප‍්‍රදේශවලින් ආසාදිතයින් 8 දෙනෙකු බැගින් වාර්තා වුණා. 

කලූතර දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 61 ක් දෙනෙකු වාර්තා වූ බවද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඊට අමතරව ඊයේ දිනයේ ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකු, රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 29 දෙනෙකු සහ මඩකලපුව දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු ද වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 557 දෙනෙකු හදුනා ගැණුනු අතර කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 4 වනදා සිට ඊයේ දිනය දක්වා මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 38,920 ක්. 

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,856 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් 36,155 දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,493 ක්. කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 208 ක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර නිරෝධායන රීති කඩකල පුද්ගලයින් 2,044 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.