Saturday, May 18, 2024

General line - 0115112241

දේශසීමාවෙ අපරාධ මැඩලීමට ඉන්දියාව සහ බංගලාදේශය ඒකාබද්ධ වැඩපිලිවෙලක




දේශසීමාව ආශ්‍රිතව සිදුවන අපරාධ මැඩලීම සදහා ඒකාබද්ධ ආරක්ෂක වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට ඉන්දියාව සහ බංගලාදේශය එකගතාවයකට එලඹ තිබේ.

මෙම දේශසීමාව ආශ්‍රිතව නීති විරෝධී මිනිස් සහ භාණ්ඩ ජාවාරම ඇතුලු අපරාධ රැසක් සිදුවන බව හෙළිදරව් වී ඇත.

⁣නව වැඩපිලිවෙළ අනුව එම අපරාධ මැඩලීම සදහා ඉන්දියානු සහ බංගලාදේශ දේශසීමා ආරක්ෂක බලකායන් එක්ව කටයුතු කිරීමට නියමිතයි.

ඒකාබද්ධ මුර සංචාර සහ  තොරතුරු හුවමාරුව කෙරෙහි මෙහිදී මූලිකව අවධානය යොමු ⁣කර ඇති බව සදහන් වේ.

ඉන්දියාව සහ බංගලාදේශය අතර දේශසීමාව කිලෝමීටර 4096ක දිගින් යුතු අතර එය ලොව පස්වන විශාලතම ගොඩබිම් දේශසීමාවයි.