Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දියන් සාගරයට චීනයෙන් සාගර ඩ්‍රෝන යාත්‍රා




චීනය විසින් ඉන්දියන් සාගරය තුළ දියයටින් ගමන් කරන නියමුවන් රහිත නිරීක්ෂණය යාත්‍රා විශේෂයක් මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

චීන විශේෂඥයෙකු උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම යාත්‍රාවලට මාස ගණනාවක් දිය යට රැදී සිටිමින් තොරතුරු එක් රැස් කළ හැකි බවයි.

මෙම යාත්‍රා නාවික කටයුතු නිරීක්ෂණයට සහ නාවික බුද්ධි තොරතුරු රැස්කිරීමට යොදාගන්නා බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

2019 වර්ෂයේ දෙසැම්බර් සිට 2020 පෙබරවාරි මාසය දක්වා මෙවැනි යාත්‍රා 14 ක කණ්ඩායමක් ඉන්දියන් සාගරයේ නිරීක්ෂණය සදහා යොදවා තිබූ බවත් ඉන් යාත්‍රා 12 ක් විසින් නිරීක්ෂණ 3400 ක පමණ සිදුකර ඇති බවත් සදහන් වේ.

අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් සදහන් කරන්නේ මෙම පියවර ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට පවතින උණුසුම් සහගත වාතාවරණය තවදුරටත් ඉහළ නංවනු ඇති බවයි.