Saturday, May 18, 2024

General line - 0115112241

නව වසර උදාවත් සමග " අසුභ ලකුණක්" බවට සැලකු සිදුවීම (VIDEO / PHOTOS)




2021 නව වසරේ උදාව පිළිගැනීමට දල්වන ලද මල් වෙඩි හේතුවෙන් ඇතිවූ කම්පනයන් හේතුවෙන් ඉතාලියේ පක්ෂීන් සිය ගණනක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඇතිවූ කම්පනය හේතුවෙන් මියගිය පක්ෂීන්ගේ සිරුරූ සිය ගණනක් රෝම නගරයේ ස්ථාන රැසක දක්නට ලැබෙන බවයි සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන චෝදනා කර සිටින්නේ.

මියගිය පක්ෂීන් මාර්ගයේ තැන තැන වැටී සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරමින් එක් ඉතාලි ජාතිකයෙක් පවසා සිටින්නේ මෙය මනුෂ සංහතියේ කෘරත්වය පිළිඹිබු කරන කදිම උදාහරණයක් බවයි.

රෝම නගරයේ ටැක්සි රථ රියැදුරෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ නව වසර උදාවත් සමගම තම සේවා මුරය අවසන් කොට යලි නිවස බලා යමින් සිටියදී මාර්ගයේ තැන තැන වැටී තිබෙන ද්‍රව්‍යයක් දුටු බවත් පසුව එලෙස වැටී ඇත්තේ මිය ගොස් ඇති කුරුල්ලන් බව තමන් හඳුනා ගත් බවයි.

කෙසේ වුවත් බොහෝ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් කියා ඇත්තේ නව වසරේ උදාවත් සමගම ඇතිවූ මෙම තත්ත්වය " අසුභ ලකුණක්" බවයි.