Tuesday, May 14, 2024

General line - 0115112241

RMV පරීක්ෂකවරු මෝටර්රථ පරීක්ෂණයෙන් ඉවත් කිරීමේ සුදානමක්




මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂකවරුන් තවදුරටත් අක‍්‍රමිකතාවල නිරත වන්නේ නම් ඔවුන් ප‍්‍රායෝගික පරීක්‍ෂණ රාජකාරීවලින් ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. 

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය යටතේ පුහුණුවන අභ්‍යාසලාභීන්ගෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මුදල් ලබාගන්නා බවට නෙත් නිවුස් ඊයේ උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරු පුහුණු පාසල් සහ අනතුරු විමර්ශන කළමණාකාර එරන්ද දිල්ශාන් පෙරේරා ගෙන්ද නෙත් නිවුස් ඊයේ මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ලංගම පුහුණු අභ්‍යාසලාභීන්ගෙන් ලබාගන්නා මුදලට අදාළව කුවිතාන්සියක් නිකුත් කරන බවයි. ඊට අමතරව කිසිදු මුදලක් පිටස්තර පුද්ගලයන්ට ලබානොදෙන ලෙසට අභ්‍යසලාභීන්ට දන්වා සිටින බව ද ඔහු කියා සිටියා. 

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අක‍්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් රැසක් ස්ථාන මාරුකිරීමටයි ඉකුත් දා පියවර ගැනුණේ.