Monday, May 13, 2024

General line - 0115112241

කංසා ඖෂධයක් ලෙස සකස් කර අපනයනය කිරීමට දේශීය වෛද්‍යවරුන්ගෙන් සංගමයකින් ඉල්ලීමක්




කංසා ඖෂධයක් ලෙස සකස් කර අපනයනය කිරීම සදහා අවශ්‍ය නීති රජය විසින් සම්පාදනය කළ යුතු බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය පවසනවා. එම සංගමය අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 50කට පසු කංසා භයානක මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත්කර ඖෂධමය වටිනාකමක් ලබාදී ඇති බවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ සමස්ත ලංකා දේශිය වෛද්‍ය සංගමයේ උපදේශක වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා. 

කංසාවල තිබෙන ඖෂධීය වටිනාකම හරහා ශී‍්‍ර ලංකාවට විශාල මුදලක් උපයා ගැනීමට හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.