Monday, May 13, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයේ හැසිරීම අධ්‍යනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරයි




කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ බව වසංගත රෝග හා කොවිඞ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා. කෙසේවෙතත්, එය කොවිඞ් මරණ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරන්නේ. 

කොවිඞ් මරණ සම්බන්ධයෙන් කි‍්‍රයාකළ යුතු ආකාරය පිළිබඳ දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබ තිබෙනවා. කොවිඞ් 19 සම්බන්ධයෙන් මුල් කාලයේ පැවැති වෛද්‍ය විශේඥ මතයන් විටින් විට වෙනස් විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව වත්මන් තත්ත්වය සොයා බැලීමටයි මෙම විශේෂඥ කමිටුව පත් කර ඇත්තේ. ඊට වෛරස් විශේෂඥයින් මෙන්ම වෛද්‍ය විශේෂඥයින් ද අයත් බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පැවසුවේ. 

කොවිඞ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක‍්‍රමවේදයක සිට විසඳුම් සෙවිය යුතු බවත්, ආගම, ජාතිය, දේශපාලනය, සමාජමතවාද හා මිත්‍යාව මත පදනම්ව කිසිවිටෙකත්, තීන්දු නොගත යුතුයි. වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කළ කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ අවධාරණය කරනවා.