Monday, May 13, 2024

General line - 0115112241

විදේස් ගත ලාංකිකයින් මෙරටට රැගෙන ඒමේ වැඩපිලිවල අඛණ්ඩව ඉදිරියටත් 




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් 594 දනෙකු අද අලූයම දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ලගා වූ විශේෂ ගුවන් යානා 09 කින් එම පිරිස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණි පිරිස අතර කුවේට් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයින් 376 දෙනෙකු ද වනවා. ඊට අමතරව ඩුබායි, සෞදිය හා සිංගප්පූරුව යන රටවල රැඳී සිටි පුද්ගලයින් 218 දෙනෙකු ද එලෙස පැමිණි පිරිස අතරට අයත්. ඔවුන් සියලූදෙනාට ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා. අනතුරුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා ද යොමු කෙරුණු බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

මේ අතර යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි. 

ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමේ PCR පරීක්ෂණ වාර්තාව ද මේවනවිට ලැබී තිබෙනවා. ඔවුන් මෙරටට පැමිණීමට පෙර එංගලන්තයේදී PCR පරීක්ෂණයකට හා මෙරටට පැමිණීමෙන් පසු ඇන්ටිජන් පරීක්ෂාවකට ද ලක් කෙරුණා. 

මෙම කී‍්‍රඩකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව එම සියලූ වාර්තාවලින් තහවුරු වී ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ඒ අනුව එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ආරක්ෂිත ජෛව බුබුලකට යටත්ව හෙට සිට සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ, හම්බන්තොට ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි 14 වනදා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. 

ටී කේ ජී කපිල