චීනය ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා අතරමැදි සංවිධානයකට මුදල් ලබාදීමට උත්සහ කර ඇති බවට පළව ඇති වාර්තා හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර පවතින ගැටුම් උග්‍රවී තිබේ.
සීඑන්එන් පුවත් සේවය වාර්තා කරන්නේ මීට අදාළව ලැබී ඇති තහවුරැ නොවූ තොරතුරැ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප් විසින් රොබර්ට් ඕ බ්‍රයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බවයි.
කෙසේවෙතත්,චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මෙම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු සදහන් කරන්නේ මෙය සම්පූර්ණයෙන්ම වැරදි කරැණුවලින් සමන්විත අසත්‍ය පුවතක් බවයි.
කෙසේවෙතත්,මෙම තත්වය චීනය සහ ඇමරිකාව අතර පවතින සබදතා තවදුරටත් දුර්වල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.