Saturday, May 4, 2024

General line - 0115112241

තිරිගු පිටි මුවාවෙන් කහකුඩු ගෙන්වීමේ ජාවාරමක්

ටී කේ ජී කපිල




තිරිගු පිටි බවට ප‍්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ කහ කුඩු තොගයක් ඔරුගොඩවත්ත බහාලූම් අංගනයේ දී ශ‍්‍රී ලංකා රේගුව අද සිය භාරයට ගත්තා. ඒ, අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්. එහි වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ. 

රේගුව නොමග යැවීම සදහා තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් 19,350 ක් බව සදහන් කරමින් ඉන්දියාවේ සිට අඩි 20 ක් දිගැති මෙම බහාලූම, කොළඹ මෝදර ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වා ඇත්තේ ඉකුත් 21 වනදායි.

මෙම බහාලූම පිළිබඳ සැක සිතූ රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් මෙම බහාලූම අද ඔරුගොඩවත්ත බහාලූම් පර්යන්තයේ දී විවෘත කර පරීක්ෂා කිරීම සිදු කළා. එහිදී ඒ තුළ තිබූ කහ කුඩු කිලෝ ග‍්‍රෑම් 7,500 ක් සහ තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් 11,850 ක් සොයා ගැනුණා. ඒ අනුව මෙම කහ කුඩු තොගය නීතිවිරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට ආනයනය කළ කොළඹ මෝදර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.