Friday, May 3, 2024

General line - 0115112241

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 190ක් හඳුනා ගැනේ 




අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 190 දෙනෙකු වාර්තා වනවා. එලෙස හඳුනා ගැනුණූ ආසාදිතයින් සියලූදෙනා පෙර හදුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගේ ආශ‍්‍රීතයින් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,964 ක්. 

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 565 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 37,817 ක්. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 6,934 ක් වනවා.  

මේ අතර මහනුවර, නුවරඑළිය, තී‍්‍රකුණාමලය සහ අම්පාර යන දිස්ති‍්‍රක්කවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව ගතවූ පැය 24 තුළ මහනුවර දිස්ති‍්‍රක්කයෙන් නව ආසාදිතයින් 56 දෙනෙක් වාර්තා වී ඇති අතර තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 20 ක්. නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකුද, අම්පාර මෙන්ම කෑගල්ල යන දිස්ති‍්‍රක්කවලින් ද ආසාදිතයින් 17 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා. 

මේ දක්වා අනන්‍යතාව තහවුරු කර නොමැති ආසාදිතයින් 85 දෙනෙකු ගතවු පැය 24 තුලදී වාර්තා වීම කැපී පෙනෙන සිද්ධියක්. කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ වාර්තා වී ඇති ආසාදිතයින් 81 දෙනාගෙන් 27 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොම්පඤ්ඤවීදියෙන්.