Tuesday, May 7, 2024

General line - 0115112241

අහඹු ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත්




අවදානම් සහිත ස්ථානවල තවදුරටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප‍්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ බස්නාහිර පළාත තුළ මෙන්ම ඉන් පිටතද මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.  යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ගතවූ පැය 24 තුළ අලූතින් ආසාදිතයින් 540 දෙනෙකු හඳුනා ගත් බවයි. 

මේ අතර අද සිට සුපිරි වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන හා කාර්යාල විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි පොලීසිය පැවසුවේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පොදු ප‍්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද මෙම සතියේදී වැඩි අවදානයක් යොමු කරන බවයි. 

මේ අතර අමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසංහ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඔහුට අමතරව  තානාපති කාර්යාලයේ තවත් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි හෙළිවී ඇත්තේ. ඔවුන් සියලූදෙනා නිවෙස්වල නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. පැවැති තත්ත්වය මත තාවකාලිකව වසා දැමුණු අමෙරිකාවේ වොෂිංටන්හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය අද විවෘත කිරීමට නියමිතයි.