Thursday, May 16, 2024

General line - 0115112241

අවදානම මැද යුක්රේන සංචාරකයන් ගෙන්වීම ගැන රජය කරුණු කියයි




ලබන 21 වනදා සිට රට, සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ සිට ආපසු පිටව යාම දක්වා සෞඛ්‍ය  මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියළු සංචාරක ආයතන හා පුද්ගලයින් අසාදු ලේඛණ ගත කරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

කිසිවෙකු හෙෝ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගණය කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන බවයි අමාත්‍යවරයා කියාසිටියේ. සංචාරක නියෝජිත ආයතන, හෝටල් හිමියන්, සංචාරක මගපෙන්වන්නන් හා සංචාරක රියදුරන් දැනුවත් කිරීමේ සංචාරක හෝටල් කළමණාකරණ ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මේ අතර යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මෙලෙස අදහස් පළ කළා.

යුක්රේන සංචාරකයන් ගෙන්වාගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.